බෝගවලට හානි සිදුකරන වනජීවීන් පිළිබඳ සංගණනයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම සංගණනය මාර්තු මස 15 වන සෙනසුරාදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.
එදින උදෑසන 8.00 සිට 8.05 දක්වා කාල සීමාව තුළ තම ගෙවත්ත, වගා බිම, පාසල, පුණ්‍ය භූමි හා වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ තමාට අදාළ පරිශ්‍රයේ සිටින වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් සහ මොණරුන් සංඛ්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කිරීම සිදුකළ යුතු වනවා.
මෙම සංගණනය මඟින් බෝග වගාව සඳහා හානි පමුණුවන වනජීවීන්ගේ ප්‍රමාණය තක්සේරු කිරීම ප්‍රධාන අරමුණු වනවා.
මෙම සංගණනය ග්‍රාම නිලධාරි වසම් පාදක කරගෙන පැවැත්වෙන බැවින් ග්‍රාම නිලධාරිවරයාගේ මූලිකත්වයෙන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ සහයෝගයෙන් සිදුකරනු ලබනවා
මේ පිළිබඳව දැනුවත් කිරිම, සංගණන පත්‍රිකා නිවෙස් හා අනෙකුත් පරිශ්‍ර වෙත බෙදාදීම සහ සංගණනයෙන් පසු පත්‍රිකා නැවත එකතු කර ගැනීම යන වගකීම් ග්‍රාම නිලධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා වෙත පවරා තිබෙනවා.