රෝහිත් ෂර්මාව සමාජ මාධ්‍යයේ ලැජ්ජාවට පත් කළ ඉන්දීය දේශපාලන නායිකාවට දැඩි විරෝධයක්

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ප්‍රකාශිකා ෂාමා මොහොමඩ් විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සමාජ මාධ්‍යයේ දැඩි ලෙස විවේචනය කිරීම සහ ලැජ්ජාවට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ ආචාර්ය ෂාමා මොහොමඩ්ට සිය එක්ස් ගිණුමේ පළ කළ එම සටහන් මකාදැමීටදැනුම් දුන් බවයි පක්ෂයේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ සභාපති පවන් ඛේරා පැවසුවේ.

එමෙන්ම ඉදිරියේ දී සමාජ මාධ්‍ය භාවිතයේ දී වඩාත් ප්‍රවේශම්වන ලෙසත් ඇයට අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහ නවසීලන්තය අතර චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඊයේ (02) පැවති තරගය අතර තුර එක්ස් ගිණුමේ සටහනක් තබමින් කොංග්‍රස් පක්ෂයේ ප්‍රකාශිකා ෂාමා මොහොමඩ් පවසා ඇත්තේ “රෝහිත් ෂර්මා ක්‍රීඩකයෙකු ලෙස මහතයි” යනුවෙන්.

“බර අඩුකර ගත යුතුයි! ඇත්ත වශයෙන්ම ඉන්දියාවේ වඩාත්ම ආකර්ෂණීයත්වයෙන් අඩු නායකයා” ශර්මා බවයි ඇය වැඩිදුරටත් එහි දක්වා ඇත්තේ.

මෙම එක්ස් සටහනත් සමඟ කොංග්‍රස් පක්ෂයේ විරුද්දවාදීන් සහ ඉන්දීය ක්‍රිකට්ලෝලීන් ඊට දැඩි විරෝධයක් එල්ලකරමින් ප්‍රතිචාර දක්වා සිටියා.

මේ අතර කොංග්‍රසයේ ප්‍රධාන ප්‍රතිවාදියාවන භාරතීය ජනතා පක්ෂ පවසන්නේ මෙවැනි ප්‍රකාශ තුළින් කොංග්‍රස් පක්ෂයේ මානසිකත්වය පිළිඹිබුවන බවයි.

මෙවැනි විරෝධතා මධ්‍යයේ ෂාමා මොහොමඩ් විසින් අදාළ එක්ස් සටහන් ඉවත්කර ගැනීමට කටයුතු කර ඇති අතර, සිදු වූ දේ සම්බන්ධයෙන් කණගාටුව පළ කිරීමක් සිදුකර තිබුනේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?