Empty Ad
AFC Banner
Empty Ad

පාසල් ළමුන් රැගත් වෑන් රියක් අනතුරකට ලක් වෙයි – 14 දෙනෙකු රෝහලට (ඡායාරූප)

කුරුවිට පොලිස් වසමේ අඩවිකන්ද ප්‍රදේශයේ දී එරත්ත දෙස සිට අඩවිකන්ද දෙසට ගමන් ගත් වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකි ව අසල තිබූ ගසක ගැටී අනතුරක් සිදු වුණා.

අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථයේ අවුරුදු 11ත් 14ත් අතර වයස්වල පසුවන පාසල් ළමුන් 14ක් හා කාන්තාවක් ගමන් කර ඇති අතර තුවාල ලැබූ පාසල් ළමුන් 14 දෙනා සහ වෑන් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා එරත්ත ග්‍රාමීය රෝහලට යොමු කෙරුණු බවයි පොලිසිය සඳහන් කළේ.

රෝහල්ගත කළ පාසල් ළමුන් දස දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් වාර්තාවනවා.

තවත් පිරිමි ළමුන් දෙදෙනකු, ගැහැනු ළමුන් දෙදෙනකු සහ වෑන් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා ඇති බවයි සඳහන් වන්නේ.

අනතුර සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

WhatsApp Image 2025 03 03 at 12.48.16 PM scaled
WhatsApp Image 2025 03 03 at 12.48.13 PM scaled
WhatsApp Image 2025 03 03 at 11.51.18 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?