2025 ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය “Anora” වෙත

2025 වර්ෂයට නියමිත ඔස්කාර් සම්මාන උලෙළ ඊයේ (02) රාත්‍රියේ දී අතිඋත්කර්ෂවත් ව පැවැත්වුණා.

මෙම සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ඩොල්බි තියේටර් හි දියි.

97 වැනි ඔස්කාර් සම්මාන උලෙළ ලෙස මෙය පැවැත්වෙනවා.

මෙවර විශිෂ්ටතම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ “Anora” චිත්‍රපටය වන අතර එහි අධ්‍යක්ෂක ෂෝන් බේකර් විසින් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තා.

“Anora” චිත්‍රපටය වෙනුවෙන් මිකී මැඩිසන් හොඳම නිළියට හිමි සම්මානයට පාත්‍ර වීම ද විශේෂත්වයක්.

හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය කීරාන් කල්කින් (Kieran Culkin) දිනාගත්තේ ඔහු රංගනයෙන් දායක වූ “A Real Pain” චිත්‍රපටය සඳහා යි.

කල්කින් අමෙරිකානු සම්භවයක් සහිත 42 හැවිරිදි වියෙහි පසුවන අයෙක්.

ඔහුගේ කුළුදුල් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වීම මෙය වන බවත් පළමු වරට ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ බවත් වාර්තා වනවා.

වයස අවුරුදු 7 දී “Home Alone” නමැති සුප්‍රසිද්ධ චිත්‍රපටයේ ළමා චරිතයක් සඳහා රංගනයෙන් දායක වූ අයෙක් ලෙසයි Kieran Culkin හැඳින්වෙන්නේ.

හොඳම සහාය නිළිය සඳහා හිමි සම්මානය ‘Emilia Perez චිත්‍රපටයට රංගනයෙන් දායක වූ සෝයි සල්ඩානාට හිමි වුණා.

‘The Brutalist’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇඩ්‍රියන් බ්‍රෝඩි හට හොඳම නළුවා සම්මානය හිමි වූ බවත් බීබීසී මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?