ඇමරිකානු සමාගමක් හිමිකාරිත්වය දරණ බ්ලූ ගෝස්ට් අභ්‍යවකාශ යානය සාර්ථකව සඳ මතුපිටට ගොඩබස්සවා තිබෙනවා.
පුද්ගලික අභ්‍යවකාශ ගවේෂණය සමාගමක්වන ෆයර්ෆ්ලයි සමාගම විසින් මෙම යානය සඳ තරණය සඳහා අභ්‍යවකාශ ගත කරනු ලැබුවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි බ්ලූ ගෝස්ට් යානය සඳෙහි ඊසානදිග ආසන්න පෙදෙසේ පිහිටි පුරාණ ගිනිකඳු ගෝලාකාරයක බෑවුම් මතට ස්වයංක්‍රීයව බස්සවා තිබෙනවා.
ඒ, අනුව ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම සාර්ථක සඳ ගොඩබෑමක් අත්කර ගත් පළමු වාණිජ සමාගම බවට ෆයර්ෆ්ලයි සමාගම පත් වුණා.
සඳ මත තැබූ මෙම කුඩා පියවර වාණිජ ගවේෂණයේ දැවැන්ත පිම්මක් නියෝජනය කරන බවයි ෆයර්ෆ්ලයි අභ්‍යවකාශ සමාගම, එක්ස් හි සටහනක් තබමින් පවසා ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1















