Empty Ad
AFC Banner
Empty Ad

මාධ්‍යවේදී කීත් නොයර් පැහැරගත් සිද්ධියට හිටපු බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් අල්ලයි

2008.05.22 දින දෙහිවල, වෛද්‍ය පාර ප්‍රදේශයේ දී මාධ්‍යවේදී කීත් නොයර් වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවගත්තේගම සහ ඇලයාපත්තුව යන ප්‍රදේශවල දී ඊයේ (01) මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අවුරුදු 42 සහ 46 යන වයස්වල පසුවන නවගත්තේගම සහ උලුක්කුලම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?