STF එස්.අයිගේ ෆේස්බුක් සාදයක් වටලා හයක් අත්අඩංගුවට

මහවෙල ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසනවා.

ලැබුණු තොරතුරක් මත ඊයේ (01) රාත්‍රියේ මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර සිටින උප පොලිස් පරීක්ෂකවරයා විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සාදය සංවිධානය කර තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකාය කඳවුරට අනුයුක්තව විශේෂ යතුරුපැදි අංශයේ රාජකාරී කරන නිලධාරියකු බවයි මහවෙල පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් අවුරුදු 25ත් 35ත් අතර වයස්වල පසුවන අයවලුන් බවයි වාර්තා වන්නේ.

මෙම සාදයට ඇතුළු වීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 3,000ක මුදලක් අය කරගෙන තිබූ බවයි හෙළිව ඇත්තේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් සන්තකයේ තිබී ගංජා, හෑෂ්, මදන මෝදක, මත්පෙති වැනි මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මොවුන් අද (02) දිනයේ නාඋල අධිකරණය වෙත ඉරිදිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
3
+1
36
+1
5
+1
3
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08
Video thumbnail
කටුනායක අධිවේගී මාර්ගයේ කොටස් හොරු ගලවනවා..ආරක්ෂා කිරීමේ පියවරක් නැද්ද ?
01:34
Video thumbnail
රනිල් උස්සපු රට, අනුර කුමාර ආයේ වැට්ටුවා
05:01
Video thumbnail
පිල්ලෙයාන්ගේ ජීවිතය ගැන අපිට නැති කැක්කුමක් ආණ්ඩුවට ඇතිවෙලා
02:55
Video thumbnail
නලින්ද විපක්ෂයට කට උත්තර නැති වෙන්න අමතයි..විපක්ෂය ඉතුරුවෙලා ඉන්න පාක්ෂිකයින් කුල්මත් කරනවා
05:37
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21