Empty Ad
AFC Banner
Empty Ad

දිස්ත්‍රික්ක 02කට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට පනවා තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කර තිබෙනවා.

මෙම නායයෑම් අනතුරු ඇඟවීම් අද (01) පස්වරු 12.30 සට හෙට (02) පස්වරු 12.30 දක්වා දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

ඒ, අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 1 යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, පස්සර, හාලි ඇළ, බදුල්ල, හපුතලේ, මීගහකිවුල, ඌව පරණගම සහ සොරණාතොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.

ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ද මෙම අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?