පූර්ව දැනුම්දීමකින් තොරව තායිවානයේ නිරිතදිග වෙරළට සැතපුම් 46ක් (කිලෝමීටර් 74 ක්) දුරින් සජීව උණ්ඩ භාවිත කරමින් චීන හමුදාව හමුදා අභ්‍යාසයක් ආරම්භ කර ඇතැයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම අමාත්‍යංශය පවසන්නේ, චීනයේ මෙම පියවර ප්‍රකෝපකාරී සහ ජාත්‍යන්තර නාවික ගමනාගමනයට තර්ජනයක් ලෙස හෙළා දකින බවයි.
එමෙන්ම චීනයේ මෙම හමුදා අභ්‍යාසය තායිවාන සමුද්‍ර සන්ධියේදී මුහුද යටින් දිවෙන සන්නිවේදන රැහැනකට හානි කළ බවට සැක කෙරෙන චීන කාර්ය මණ්ඩලය රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තායිවානයේ වෙරළාරක්ෂක භටයින් විසින් රඳවා තබා ගැනීමෙන් දිනකට පසුව ආරම්භ කිරීම ද විශේෂත්වයක්.
තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබුණේ, තායිවාන සමුද්‍ර සන්ධියේ දී චීන හමුදා ගුවන් යානා 32ක් නිරීක්ෂණය කළ බවයි.