තායිවානය සලිත කළ චීන යුද පුහුණුව

පූර්ව දැනුම්දීමකින් තොරව තායිවානයේ නිරිතදිග වෙරළට සැතපුම් 46ක් (කිලෝමීටර් 74 ක්) දුරින් සජීව උණ්ඩ භාවිත කරමින් චීන හමුදාව හමුදා අභ්‍යාසයක් ආරම්භ කර ඇතැයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම අමාත්‍යංශය පවසන්නේ, චීනයේ මෙම පියවර ප්‍රකෝපකාරී සහ ජාත්‍යන්තර නාවික ගමනාගමනයට තර්ජනයක් ලෙස හෙළා දකින බවයි.

එමෙන්ම චීනයේ මෙම හමුදා අභ්‍යාසය තායිවාන සමුද්‍ර සන්ධියේදී මුහුද යටින් දිවෙන සන්නිවේදන රැහැනකට හානි කළ බවට සැක කෙරෙන චීන කාර්ය මණ්ඩලය රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තායිවානයේ වෙරළාරක්ෂක භටයින් විසින් රඳවා තබා ගැනීමෙන් දිනකට පසුව ආරම්භ කිරීම ද විශේෂත්වයක්.

තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබුණේ, තායිවාන සමුද්‍ර සන්ධියේ දී චීන හමුදා ගුවන් යානා 32ක් නිරීක්ෂණය කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15