හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් හෙළිදරව් වී තිබෙනවා.
අද (27) පාර්ලිමේන්තුවේ දී කාරක සභා අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය එම හෙළිදරව්ව සිදු කළා.
ඒ අනුව 2010 සිට 2014 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා රුපියල් මිලියන 3,572ක් විදෙස් සංචාර සඳහා යොදා තිබෙනවා.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොදවා ඇත්තේ 2015 සිට 2019 දක්වා කාලය තුළ රුපියල් මිලියන 384ක් පමණයි.
2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා මිලියන 126ක් විදේශ සංචාර සඳහා යොදවා ඇති අතර 2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් මිලියන 533ක් මේ සඳහා යොදවා තිබෙනවා.
2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක මිලියන 1.8ක් සිය විදෙස් සංචාරය වෙනුවෙන් වැය කර ඇති බවයි වාර්තා වන්නේ.
2010 සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ, 2013 වසරේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වන අතර එය රුපියල් මිලියන 1,144ක් බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළා.