විදෙස් සංචාර සඳහා වැඩිම මුදලක් වැය කර ඇත්තේ මහින්ද බවට හෙළිවෙයි (වීඩියෝ)

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් හෙළිදරව් වී තිබෙනවා.

අද (27) පාර්ලිමේන්තුවේ දී කාරක සභා අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය එම හෙළිදරව්ව සිදු කළා.

ඒ අනුව 2010 සිට 2014 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා රුපියල් මිලියන 3,572ක් විදෙස් සංචාර සඳහා යොදා තිබෙනවා.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොදවා ඇත්තේ 2015 සිට 2019 දක්වා කාලය තුළ රුපියල් මිලියන 384ක් පමණයි.

2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා මිලියන 126ක් විදේශ සංචාර සඳහා යොදවා ඇති අතර 2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් මිලියන 533ක් මේ සඳහා යොදවා තිබෙනවා.

2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක මිලියන 1.8ක් සිය විදෙස් සංචාරය වෙනුවෙන් වැය කර ඇති බවයි වාර්තා වන්නේ.

2010 සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ, 2013 වසරේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වන අතර එය රුපියල් මිලියන 1,144ක් බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළා.

  1. අනුරගේ විදේශ සංචාර 3 නව දිල්ලිය, චීනය, සහ සවුදියට යන්න මුලු වියදම ලක්ෂ 18. සුවර් එකට ටිකට් නැතුව හොරෙන් යන්න ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39