ආරක්ෂක තත්ත්වය මත හරක්කටා ගෙනැවිත් නැහැ – ස්කයිප්වලින් ඉදිරිපත් කිරීම ගැන නියෝගයකුත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිය දී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව “ස්කයිප්” තාක්ෂණය ඔස්සේ විභාග කිරීමට කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය දැනුම්දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියම කළා.

මෙම නඩුව අද පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි නිකුත් කෙරුණේ.

එහිදී බූස්ස බන්ධනාගාරයේ දැනට රඳවා ඇති හරක්කටා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආරක්ෂක හේතුන් මත එම විත්තිකරු මෙම නඩුකරය සඳහා අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනුම්දුන්නා.

එමෙන්ම අදාළ නඩුව “ස්කයිප්” තාක්ෂණ ඔස්සේ විභාග කිරීමට අවසර දෙන ලෙසත් පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මේ සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය මාර්තු මස 17 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42