ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා අද (27) පිටත්ව යෑමට නියමිත ව තිබෙනවා.
රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේ දී හෙට(28) මෙම දේශනය පැවැත්වෙනු ඇති.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරු ද මෙහි දේශන පවත්වනවා.
මෙහිදී දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දේශනය පවත්වනු ලබන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ද පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
මෙහිදී ඔහු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙයයි.
හිටපු ජනාධිපතිවරයා මාර්තු 2 දා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.