ගෝලීය සිදුවීම් ගැන දේශනයකට හිටපු ජනපති රනිල් ඉන්දියාවට

ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා අද (27) පිටත්ව යෑමට නියමිත ව තිබෙනවා.

රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේ දී හෙට(28) මෙම දේශනය පැවැත්වෙනු ඇති.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරු ද මෙහි දේශන පවත්වනවා.

මෙහිදී දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දේශනය පවත්වනු ලබන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ද පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

මෙහිදී ඔහු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙයයි.

හිටපු ජනාධිපතිවරයා මාර්තු 2 දා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17