සංජීව ඝාතනයේ පිඹුරුපත ඇන්දේ මීගමුවේ නිවසේදියි – මේ සියල්ලම පොලිස් කොස්තාපල් දැනං ඉඳලා

ගනේමුල්ල සංජීව සැලැස්ම එම අපරාධයේ මහමොළකාරිණිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි විසින් සකසන ලද්දේ ඇයගේ මීගමුවේ – ජය මාවත ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (26) අධිකරණයේ නඩු විභාග කටයුතු සිදු වූ අතර එහිදී අත් අඩංගුවේ සිටින මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල් පවසා ඇත්තේ ඝාතනය සම්බන්ධයෙන් තමන් දැනුම්වත් වී සිටි බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයා බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ දැනට රඳවා සිටින ජූලම්පිටියේ අමරේ නමැති අපරාධ කල්ලි නායකයාගේ ඥාති පුත්‍රයෙකු බව ද හෙළිව තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා දූෂිත නිලධාරියෙකු බවට බුද්ධි අංශ තොරතුරු ලැබීම මත ඔහුව යාපනයට ස්ථාන මාරු කර යවා ඇත්තේ මීට සිව් වසරකට ඉහතදියි.

නමුත් ප්‍රබල දේශපාලනඥයෙකුගේ මැදිහත් වීමකින් හෙතෙම යළිත් තංගල්ල පොලිස් කොට්ඨාසයට මාරුවක් ලබාගෙන පැමිණ තිබෙන බවත් හෙළි ව තිබෙනවා.

එමෙන්ම ඝාතනය සිදු වූ පෙබරවාරි මස 19 වැනි දින සංජීව කුමාර සමරරත්න නමැත්තාව අධිකරණයට ගෙන ආ පොලිස් හා පොලිස් විශේෂ කාර්‍යය බලකායෙ මෙන් ම බන්ධනාගාර නිලධාරීන්ගේ ද දූරකථන පරීක්ෂා කිරීමකට ගෙන ඇති බවත්, ඝාතනය කළ වෙඩික්කරු ඔහු ම දැයි නිශ්චිත ව ම තවදුරටත් තහවුරු කිරීම සහ කිසිදු අයෙකුට ඒ ගැන සැකයක් ඇති නොවීමටත් සීසීටීටී දර්ශන ඔස්සේ විශේෂ විමර්ශනයක් ද ආරම්භ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර ගනේමුල්ල සංජීව ඝාතනයට දින දෙකකට පමණ පෙර වෙඩික්කරු වන කමාන්ඩෝ සමිදු සහ ඉෂාරා දිවුලපිටියේ ළැඟුම්හලක සිට ඇති බවත් ඔවුන් සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ ගෙන කුලී රථයකින් විවාහ මංගල්‍යයකට යන බව පවසා ගොස් ඇත්තේ රාජ්‍ය බැංකුවකින් රුපියල් 50000ක මුදලක් ද ගෙන බවයි හෙළි ව ඇත්තේ.

වෙඩික්කරු සහ ඉෂාරා ව ගෙන ගිය කුලී රථයේ රියදුරුගෙන් ද ප්‍රශ්න කර ඇති අතර බැංකුවෙන් මුදල් ගැනීමට සැකකාරිණිය ගිය අවස්ථාවේ දී කමාන්ඩෝ සමිඳු නමැත්තා විසින් කුලීරථ රියදුරු හට දුම්වැටියක් ද පිරිනමා සුහද ව කතාබහ කළ බව ද සාක්ෂියේ සටහන් ව තිබෙනවා.

සංජීව ඝාතනයෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දි රුපියල් ලක්ෂ 05ක රත්‍රං භාණ්ඩ ද මිලට ගෙන ඇති අතර ඇයගේ සහෝදරයාගේ ගිණුමට ද ඩුබායි හි සැඟවී සිටිමින් මෙම ඝාතනය මෙහෙයවූ කෙසෙල්බද්දර පද්මේ නමැත්තා විසින් ලක්ෂයක පමණ මුදලක් බැර කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

එමෙන්ම ඝාතනයට අවශ්‍ය ගිනි අවිය අපරාධ නඩු විධාන සංග්‍රහය නමැති කෘතියෙහි සූක්ෂ්ම ව සඟවා ඇත්තේ ද ඉෂාරාගේ සොහොයුරු බවට හෙළි ව තිබෙනවා.

මේ හේතුවෙන් එළඹෙන 07 වැනි දා දක්වා එම සොහොයුරු සහ සැකකාරිණියගේ මව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03