මෙරට පළමු ෂෙල් ඉන්ධන පිරවුම්හල විවෘත කෙරේ (වීඩියෝ)

ෂෙල් සන්නාමය දරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්ධන පිරවුම්හල අද (27) මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

ඒ අඹතලේ බී. එස්. කුරේ පිරවුම්හලේ දී යි.

ෂෙල් බ්‍රෑන්ඩ්ස් ඉන්ටනැෂනල් AG (ෂෙල්) සහ සීමාසහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම සහ ෂෙල් – RM පාක්ස් සමාගම්වලට අනුබද්ධිත සමාගම් අතර සිල්ලර වෙළඳ සන්නාමය සඳහා බලපත්‍රය ලබා ගැනීමේ එකඟතා ලියවිල්ලට ද අද දිනයේ දී අත්සන් තැබුණා.

ට්‍රයිස්ටාර් සමූහ ව්‍යාපාරයේ හවුල්කාර සමාගමක් වන සීමා සහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම, ඉන්ධන සහ ගැස් ක්ෂේත්‍රයන්ට ඉන්ධන සපයන්නා වූ සම්පූර්ණයෙන් ඒකාබද්ධ ව්‍යාපාරයක් වන අතර, සහ RM Parks Inc. සමාගම උතුරු අමෙරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට ෂෙල් ඉන්ධන බෙදා හැරීමේ පළපුරුදු ලත් සමාගමක් ලෙසයි සැලකෙන්නේ.

ආර්. එම්. පාක්ස් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කරනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

මෙය 2023 දී ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් හා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භක වසර 20ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට ලබා දුන් කොන්ත්‍රාත්තුවක්.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි චන්ග් මහත්මිය ප්‍රකාශ කළේ, ” ශ්‍රී ලංකාව තුළ ෂෙල් සන්නාමය සහිත ඉන්ධන පිරවුම්හල් දියත් කිරීම වැදගත් සංධිස්ථානයක් වන අතර, ඉන්ධන හිඟයකට මුහුණ දී සිටි රටකට විශ්වාසදායක ලෙස ඉන්ධන බෙදා හැරීමේ විකල්පයන් සපයයි. බෙදා හැරීමේ සහ සේවා විශිෂ්ටත්වයේ කීර්තිමත් ප්‍රමුඛයෙකු වන කැලිෆෝනියාවේ ආර් එම් පාර්ක්ස් ඉන්කෝපරේෂන් ආයතනය සමඟ මෙහෙයවනු ලබන මෙම හවුල්කාරිත්වය ලොව පුරා බලශක්ති අභියෝග සඳහා අමෙරිකානු ව්‍යාපාරයන් විසඳුම් සපයන ආකාරය විදහා දක්වයි. රැකියා උත්පාදනය, අඛණ්ඩ සහ ස්ථාවර ඉන්ධන සැපයුම, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ස්ථාවරත්වයට මෙම ප්‍රයත්නය සහාය වනු ඇත..” යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
2
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01