මිනුවන්ගොඩ වෙඩි තැබීමක් – අයෙක් රෝහලට (වීඩියෝ)

මිනුවන්ගොඩ – පත්තඩුවන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ අද පෙරවරු 11ට පමණ මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි.

නාඳුනන දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් 36 හැවිරිදි වියෙහි පසුවන කොටගම මුදියන්සේලාගේ ළහිරු රන්දිර් කාංචන නමැති පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

හෙතෙම ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන අතර ඔහු සිය රථයෙහි අසුන්ගෙන සිටියදියි මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරු ව ඇත්තේ.

තුවාලකරුගේ තත්ත්වය අසාධ්‍යය හේතුවෙන් මිනුවන්ගොඩ රෝහලෙන් ගම්පහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?