කොටහේන වෙඩි තැබීමට ආධාර – අනුබල දුන් තරුණයෙකු රිමාන්ඩ්

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා සිදු කළ ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙකු ලබන 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (25) නියෝග කළා.

කොළඹ 15, මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි පසිඳු විරාජ් නමැති සැකකරුවෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි විනිසුරුවරිය නියෝග කර ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාල කල්ලි අපරාධකරුවන් සමග සම්බන්ධතා පවත්වා තිබෙන බවට කරුණු අනාවරණය වන බව ද කොටහේන පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

කොටහේන පොලීසියේ උප පොලිස් පරීක්ෂක අරවින්ද මහතා අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ මෙම සැකකරු විසින් කොටහේන වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන්ව කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කොස්ගස් හන්දිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරියගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවත් එහිදී අපරාධය සිදු කිරීමට අදාළ ගිනිඅවිය සහ පතොරම් වෙඩික්කරු හට ලබා දී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි.

පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

පසුගිය 21 දා කොටහේන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තවත් අයකුට වෙඩි තබා ඝාතනය කර තිබූ අතර පසුව අදාළ වැඩි තැබීම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැඟවූ ආයුධ පෙන්වීමට යෑමේ දී ඇති වූ සිදුවීමක් මත පොලිස් වෙඩි පහරින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව ද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?