AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීගයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඉන්දියාවට තියුණු ජයක්

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් එක්වන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලිය ඊයේ (22) ඉන්දයාවේ දී ආරම්භ වුණා.

තරගාවලිය අරඹමින් අසල්වැසියන්වන ශ්‍රී ලංකා සඳහා ඉන්දියාව පළමු තරගයේ දී එකිනෙකා මුණගැසුණා.

මෙම තරගය තියුණු සටනකින් පසු ජයගන්නට ඉන්දියාවට හැකියව ලැබුණා.

කරට කර පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය කර ඉන්දියාව ලකුණු 04කින් ජයගත් අතර, ආරම්භයේ සිටම මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 222ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් ස්ටුවර්ට් බිනී ලකුණු 68ක් රැස්කළ අතර යූසුෆ් පතාන් පන්දු 22ක් තුළ වේගවත් ලකුණු 56ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ඉන්දීය මාස්ටර්ස් ඉනිමේ කඩුලු 02ක් බිද දැමුවා.

අනතුරුව ලකුණු 223ක ඉලක්කයක් හඹා යාමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට අවස්ථාව හිමි වූ අතර, උපුල් තරංග සමඟින් නායක කුමාර් සංගක්කාර ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිසියා.

එහිදී නායකත්වයේ ඉනිමක් දියත් කළ කුමාර් සංගක්කාර අලංකාර හතරේ පහර 08ක් සහ එක් හයේ පහරක් සමඟින් පන්දු 30ක් තුළ ලකුණු 51ක් රැස් කළා.

අසේල ගුණරත්න ලකුණු 37ක් සහ ජීවන් මෙන්ඩිස් පන්දු 17ක් තුළ වේගවත් ලකුණු 42ක් රැස්කළත් ඔවුන්ගේ එම ඉනිම් ශ්‍රී ලංකා ජයග්‍රහණය ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ, නියමිත පන්දුවාර 20 තුළ ශ්‍රී ලංකා මාස්ටර්ස් ඉනිම කඩුලු 09ක් දැවී ලකුණු 218ක සීමා වුණා.

පන්දු යැවීමේ දී ඉර්ෆාන් පතාන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමූ අතර, ඒ අනුව මෙම තරගය ලකුණු 04ක තියුණු ජයක් ඉන්දියාව හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?