කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනයට තවත් අයෙක් පොලිස් දැලේ

පසුගිය 18 වනදා රාත්‍රියේ මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වීරකැටිය පොලිස් වසමේ තෙලඹුයාය ප්‍රදේශයේ දී ඊයේ (22) පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු තෙලඹුයාය, වෑකඳවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදී වියේ පසුවන අයෙක් බවයි වාර්තා වුණේ.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසිය සඳහන් කළේ මෙම ත්‍රිත්ව ඝාතනයට අදාළව මේ දක්වා සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මිද්දෙණිය ප්‍රදේශයේ දී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නැමැති පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?