AFC Banner
AFC Banner
Empty Ad

අත්ට්‍රැක්ටරයේ නඟුලට සිර වී හමුදා සෙබළා ජීවිතක්ෂයට

අත්ට්‍රැක්ටරයකින් ඉඩමක් හාමින් සිටි පුද්ගලයෙක් එහි නඟුලට සිර වී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත, විජයබාහුකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි දසන්ත චන්දික හේරත් නැමති 32 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා මල්ලාවි යුද හමුදා කඳවුරටඅනුයුක්තව සේවය කරමින් සිටි සෙබළෙක්වන අතර, ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

මොහු කුලී පදනම මත ලබාගත් ඉඩමක එළවලු වගාකිරීම සදහා අත්ට්‍රැක්ටරයෙන් ඉඩම හාමින් සිටිය දී ඊයේ (20) මෙම අනතුරට මුහුණ පා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්ට්‍රැක්ටරයේ ඇක්ස්ලේටරය සිර වී ට්‍රැක්ටරය වේගයෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබිය දී එය නතරකර ගැනීමට උත්සාහ කිරීමේ දී සවිකර තිබූ නඟුලට ඔහු සිරවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවූ ස්ථානයේදීම එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?