අත්ට්‍රැක්ටරයේ නඟුලට සිර වී හමුදා සෙබළා ජීවිතක්ෂයට

අත්ට්‍රැක්ටරයකින් ඉඩමක් හාමින් සිටි පුද්ගලයෙක් එහි නඟුලට සිර වී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත, විජයබාහුකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි දසන්ත චන්දික හේරත් නැමති 32 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා මල්ලාවි යුද හමුදා කඳවුරටඅනුයුක්තව සේවය කරමින් සිටි සෙබළෙක්වන අතර, ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

මොහු කුලී පදනම මත ලබාගත් ඉඩමක එළවලු වගාකිරීම සදහා අත්ට්‍රැක්ටරයෙන් ඉඩම හාමින් සිටිය දී ඊයේ (20) මෙම අනතුරට මුහුණ පා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්ට්‍රැක්ටරයේ ඇක්ස්ලේටරය සිර වී ට්‍රැක්ටරය වේගයෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබිය දී එය නතරකර ගැනීමට උත්සාහ කිරීමේ දී සවිකර තිබූ නඟුලට ඔහු සිරවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවූ ස්ථානයේදීම එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14