පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට 2017 අප්‍රේල් 11 වැනිදා විදුලි සෝපානය අසල දී පොලිස් නිලධාරියෙකුට සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව පවරා ඇති නඩුවේ වීඩියෝ සාක්ෂි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20) අවසර ලබා දුන්නා.
පැමිණිල්ල විසින් වීඩියෝ සාක්ෂි ලබා දීමට කටයුතු කර නැතත් පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස එය කැඳවීමට විත්තිය විසින් ගොනු කර ඇති විරෝධතා පූර්වගාමී මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් බැහැර කරමින් පිටු හයකින් යුක්ත නියෝගය එවා ඇති බව මහේස්ත්‍රාත්වරිය නියෝගය කියවමින් දන්වා සිටියා.
ඒ අනුව සාක්ෂිතරුවන් කැඳවීමට අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා.
නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අධිකරණය හමුවේ පෙනී සිටියා.