හිටපු පොලිස්පති පූජිත්ගේ සත්තං ගැන වීඩියෝ සාක්ෂි කැඳවීමට අවසර

පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට 2017 අප්‍රේල් 11 වැනිදා විදුලි සෝපානය අසල දී පොලිස් නිලධාරියෙකුට සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව පවරා ඇති නඩුවේ වීඩියෝ සාක්ෂි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20) අවසර ලබා දුන්නා.

පැමිණිල්ල විසින් වීඩියෝ සාක්ෂි ලබා දීමට කටයුතු කර නැතත් පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස එය කැඳවීමට විත්තිය විසින් ගොනු කර ඇති විරෝධතා පූර්වගාමී මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් බැහැර කරමින් පිටු හයකින් යුක්ත නියෝගය එවා ඇති බව මහේස්ත්‍රාත්වරිය නියෝගය කියවමින් දන්වා සිටියා.

ඒ අනුව සාක්ෂිතරුවන් කැඳවීමට අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා.

නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අධිකරණය හමුවේ පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17