ගනේමුල්ල සංජීවගේ ඝාතකයා සතුව තිබූ නීතිඥ හැඳුනුම්පත ව්‍යාජ එකක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

කොළඹ – අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (19) දින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාව ඝාතනය කළ වෙඩික්කරු අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සන්තකයේ තිබී හමුවූ බවට පැවසෙන නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලදැයි පැවසෙන නීතිඥ හැඳුනුම්පත ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිකුත් නොකරන ලද්දක් බව එම සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේන මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ අදාළ හැඳුනුම්පතෙහි සඳහන් සියලු කරුණු පිළිබඳ ව කළ පරීක්ෂාවේ දී එම නමින් කිසිදු නීතිඥවරයෙකු තම සංගමය යටතේ ලියාපදිංචි වී නොමැති බවයි.

එමෙන්ම එහි දැක්වෙන නීතිඥ සංගමයේ ලේකම්වරයාගේ අත්සන වෙනත් ස්ථානයකින් උපුටාගෙන කූඨ ලෙස සැකසූ ව්‍යාජ හැඳුනුම්පතක් බවට ද මේ වනවිට හෙළි ව තිබෙන බවත් නිවේදනයේ සඳහන්.

ඒ අනුව එකී හැඳුනුම්පත ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද හැඳුනුම්පතක් නොවන අතර එහි ඇති කිව් ආර් කේතය ද ව්‍යාජ එකක් බවත් එහි ඇති ඡායාරූපය හෝ තොරතුරු ඇතුළත් කිසිදු සාමාජිකයෙක් නීතිඥ සංගමයේ නොමැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් නිවේදනය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46