AFC Banner
AFC Banner
Empty Ad

සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් ශක්තිමත් කර ගැනීමේ අයවැය සැලසුම් ගැන ප්‍රශංසාව

සංවර්ධනය මූලික කර ගත් මෙවර අයවැය, සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් අංශය ශක්තිමත් කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වන පරිදි සකස් කර ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් කාලින්ද ජයවීර ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යොමු කළ ලිපියෙන් අයවැය ඉදිරිපත් කිරීම පිළිබඳ ව ජනාධිපතිවරයාට සුබපැතුම් එක් කර තිබෙනවා.

ඒ අනුව ස්ථාවර රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රජයට උපරිම සහාය ලබා දෙන බව ද එම ලිපියේ සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

2025 වර්ෂයට අදාළ ව ප්‍රකාශයට පත් කරන ලද රජයේ අයවැය ලේඛනය මගින් පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ රජයේ සේවකයන් සඳහා විශේෂයෙන් මූලික වැටුප ඉතා ඉහළ අගයකින් වැඩි කිරීම මගින් බරපතළ ලෙස අඩු මූර්ත අගයක් සහිත වැටුපක් ලද රජයේ සේවකයින් හට සාධාරණය සැලසීමට ඉහළම උත්සාහයක් කිරීම ප්‍රශංසනීය බව ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම බදු පැහැර හැරීම නතර කර දැමීම සඳහා මූල්‍ය ගනුදෙනු ඩිජිටල් පද්ධති භාවිතයෙන් සිදු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට යොමු වීම ද, ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගත හැකි වන පරිදි හා විනිවිදභාවය තහවුරු කිරීම, වංචාව හා දූෂණය වැළැක්වීම සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් ඇතිවන ආකාරයේ නීතිරීති හඳුන්වාදීම සඳහා රජයේ කැපවීම තහවුරු කිරීම ද, බදු එකතු කිරීමේ ආයතන කාර්යක්ෂම කිරීම සඳහා කටයුතු කිරීම තවදුරටත් තහවුරු කිරීම සඳහා ඔවුන් වෙත ඉහළ ඉලක්ක ලබාදීම ද සම්බන්ධයෙන් ද ජනතා මතය නිවැරදි ලෙස අයවැය මගින් ප්‍රකාශ වන බව එම ලිපියේ සඳහන්.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණ කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඉටු කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කැප වී කටයුතු බව ද එම ලිපිය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?