සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් ශක්තිමත් කර ගැනීමේ අයවැය සැලසුම් ගැන ප්‍රශංසාව

සංවර්ධනය මූලික කර ගත් මෙවර අයවැය, සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් අංශය ශක්තිමත් කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වන පරිදි සකස් කර ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් කාලින්ද ජයවීර ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යොමු කළ ලිපියෙන් අයවැය ඉදිරිපත් කිරීම පිළිබඳ ව ජනාධිපතිවරයාට සුබපැතුම් එක් කර තිබෙනවා.

ඒ අනුව ස්ථාවර රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රජයට උපරිම සහාය ලබා දෙන බව ද එම ලිපියේ සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

2025 වර්ෂයට අදාළ ව ප්‍රකාශයට පත් කරන ලද රජයේ අයවැය ලේඛනය මගින් පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ රජයේ සේවකයන් සඳහා විශේෂයෙන් මූලික වැටුප ඉතා ඉහළ අගයකින් වැඩි කිරීම මගින් බරපතළ ලෙස අඩු මූර්ත අගයක් සහිත වැටුපක් ලද රජයේ සේවකයින් හට සාධාරණය සැලසීමට ඉහළම උත්සාහයක් කිරීම ප්‍රශංසනීය බව ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම බදු පැහැර හැරීම නතර කර දැමීම සඳහා මූල්‍ය ගනුදෙනු ඩිජිටල් පද්ධති භාවිතයෙන් සිදු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට යොමු වීම ද, ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගත හැකි වන පරිදි හා විනිවිදභාවය තහවුරු කිරීම, වංචාව හා දූෂණය වැළැක්වීම සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් ඇතිවන ආකාරයේ නීතිරීති හඳුන්වාදීම සඳහා රජයේ කැපවීම තහවුරු කිරීම ද, බදු එකතු කිරීමේ ආයතන කාර්යක්ෂම කිරීම සඳහා කටයුතු කිරීම තවදුරටත් තහවුරු කිරීම සඳහා ඔවුන් වෙත ඉහළ ඉලක්ක ලබාදීම ද සම්බන්ධයෙන් ද ජනතා මතය නිවැරදි ලෙස අයවැය මගින් ප්‍රකාශ වන බව එම ලිපියේ සඳහන්.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණ කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඉටු කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කැප වී කටයුතු බව ද එම ලිපිය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16