AFC Banner
AFC Banner
Empty Ad

ගනේමුල්ල සංජීවගේ ඝාතකයාට පැන යාමට උදව් දුන් වෑන් රථයේ රියදුරුත් අල්ලයි (වීඩියෝ)

ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුට පලා යෑමට සහාය වූ වෑන් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු විවාදයට අද (20) එක්වෙමින් මේ බව කියා සිටියා.

එමෙන්ම ඊයේ (19) පස්වරුවේ පුත්තලමේ – පාලවිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් සංජීව ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු මහරගම – දඹහේන ප්‍රදේශයේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි නමැත්තෙකු බවත් හෙළි ව ඇති බවයි පැවසෙන්නේ.

එම සැකකරු විවිධ අවස්ථාවල දී විවිධ නම්වලින් පෙනී සිට ඇති බවත් පැවසෙනවා.

ඊයේ මෙම අපරාධය කිරීමට පැමිණි වෙඩික්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සැකසූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හැඳුනුම්පත ආකාරයේ නීතිඥ හැඳුනුම්පතක් ද සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?