මන්නාරම මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන්

මන්නාරම මහ රෝහලේ සේවය කරමින් සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක සිට අතුරුදන්ව ඇති බව එම රෝහලේ පාලනාධිකාරිය පවසනවා.

එම විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක සිට සේවයට වාර්තා කර නොමැති බවත් ඔහුගේ දූරකථනය ද විසන්ධි කර ඇති බවයි පැවසෙන්නේ.

මන්නාරම රෝහලේ සෙසු වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ හෙතෙම පාලනාධිකාරියට ද නොදන්වා සේවයෙන් ඉවත් ව ගොස් ඇති බවට ආරංචි වුව ද; ඔහු ඒ පිළිබඳ ව පාලනාධිකාරියට නොදන්වා ඇති බවයි.

කෙසේවෙතත් මෙම වෛද්‍යවරයාගේ අතුරුදන් වීම හේතුවෙන් ඔහු වෙනුවට තවත් අයෙක් හදිසියේ පත් කිරීමට නොහැකි වීම හේතුවෙන් ළමා වාට්ටුවේ සියලු ප්‍රතිකාර කටයුතු ඇනහිට තිබෙනවා.

මේ හේතුවෙන් ළමුන් සහ ගැබිනි මව්වරුන් ද වව්නියාව රෝහලට මාරු කර යැවීමට කටයුතු කර තිබෙනවා.

අලුතින් වෛද්‍යවරයෙකු පත් කරන තෙක් වවුනියාව මහ රෝහලෙන් හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය මන්නාරම රෝහලට ලබාදෙන ලෙස එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා ඉල්ලීමක් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48