AFC Banner
AFC Banner
Empty Ad

රාජ්‍ය සේවකයින්ගේ වැඩි කළ රුපියල් 15,750, කොටස් වශයෙන් ගෙවන්නේ මෙහෙමයි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද දිනයේ ඉදිරිපත් කළ 2025 අයවැයෙන් යෝජනා කෙරුණා.

ඒ, අනුව රුපියල් 15,750කින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමටයි අයවැයෙන් යෝජනා කෙරුණේ.

මෙම යෝජනාව ඉදිරිපත් කරමින් ජනධිපතිවරයා පැවසුවේ අදාළ වැටුප් වැඩිවීම අදියර කිහිපයකින් ක්‍රියාත්මකවන බවයි.

ඒ, අනුව මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000ක් සහ ඉතිරි මුදලින් 30%ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවනු ලබන බවයි.

ඉතිරි 70%ක කොටස 2026 ජනවාරි මස පළමු වනදා සිට සහ 2027 ජනවාරි මාසවල දී සමාන කොටස් වශයෙන් ගෙවීම් ආරම්භ කරන බවයි ජනධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව 2025 වසරේ වැටුප් වැඩිකිරීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කිරීමටයි අයවැයෙන් යෝජනා වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?