චැම්පියන්ස් කුසලානයේ ශූරයින් වෙනුවෙන් පිරිනැමෙන විශාල මුදල් මල්ල මෙන්න

එළඹෙන 2025 චැම්පියන්ස් කුසලානය ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 2.24 ක ත්‍යාග මුදලක් පිරිනැමීමට නියමිත බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

අනුශූරයන්ට ඩොලර් මිලියන 1.12ක මුදලක් හිමිවන අතර, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් සඳහා ඩොලර් 560,000 බැගින් ප්‍රදානය කෙරෙනවා.

එමෙන්ම පස්වන සහ හයවන ස්ථාන ලබාගන්නා කණ්ඩායම් සඳහා ඩොලර් 350,000ක් බැගින් හිමිවන අතර, හත්වන සහ අටවන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් සඳහා ඩොලර් 140,000 බැගින් පිරි නැමීමට නියමිතයි.

ඒ, අනුව ඩොලර් මිලියන 6.9ක මුදලක් ත්‍යාග වශයෙන් මෙවර චැම්පියන්ස් කුසලානයේ දී පිරිනැමෙනු ඇති.

ඊට අමතරව, 2025 අයි.සී.සී. චැම්පියන්ස් කුසලානයට තරඟ කිරීම වෙනුවන් කණ්ඩායම් අටටම ඩොලර් 125,000 බැගින් ලබාදෙන බවයි අයි.සී.සී. සඳහන් කරන්නේ.

අයි.සී.සී. සභාපති ජේ ෂා පැවසුවේ, ක්‍රීඩාව සඳහා ආයෝජනය කිරීමට සහ අයි.සී.සී ඉසව්වල ගෝලීය කීර්තිය පවත්වා ගැනීමට මෙම සැලකිය යුතු ත්‍යාග මුදල් ප්‍රදානය කරන බවයි.

තරඟාවලිය පෙබරවාරි 19 වන දින කරච්චි හිදී ආරම්භ වන අතර, ඒ සඳහා කණ්ඩායම් 08ක් තරග වදිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32