නඩු භාණ්ඩ ලෙස තිබූ හෙරොයින් අතුරුදන් වීම ගැන අධිකරණයෙන් CID වෙත නියෝගයක්

කොළඹ අංක 6 මහාධිකරණයේ පවත්වාගෙන ගිය නඩුවකට අදාළ නඩු භාණ්ඩ වශයෙන් තිබූ හෙරොයින් ප්‍රමාණයක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (13) නියෝග කළා.

මෙම අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබූ හෙරොයින් යම් ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බවට එහි රෙජිස්ටර්වරයා වන එස්.පී.ටී. රංජිත් මහතා විසින් තම දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කළ දැනුම් දීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙලෙස නියෝග කෙරුණා.

මෙම සිද්ධියට අදාළව රස පරීක්ෂක වර්තා කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අධිකරණයෙන් නියම කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40