තවත් පොලීසියක 10කට කොවිඩ්

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී තිබේ.

ඊයේ (07) දිනයේ සිදුකළ PCR පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව අදාළ නිලධාරීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

මේ අතර ගම්පහ මහනගර සභාවේ කාර්යමණ්ඩල සාමාජිකයින් 4ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හේතුවෙන් නගර සභාවේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමාකර තිබේ.

ගම්පහ මහනගර සභාවේ නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් නගර සභා පරිශ්‍රයට ඇතුළුවීමට අවසර ලබාදෙන බවය.

මේ අතර දින 10ක් ඇතුළත කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 10,000ක් ලබාදීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවනය සහ ධරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය පැවසීය.

එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වාදෙන්නේ දිස්ත්‍රික්ක 13ක් තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ ආණ්ඩුකාරවරුන්ගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වය මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10
Video thumbnail
Kasthirama | "අපරාධ මර්දනය, නීතිය සහ භීතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:38:47
Video thumbnail
තහනම් නීතියට පිපුණු මල් කොටු කළ මෙහෙයුම..දෙවියනේ..හොයාගන්න තියා හිතන්නවත් බෑ..
03:40
Video thumbnail
ගජරාමෙට පෙරූ නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි..බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
01:25
Video thumbnail
ලොරියක් ප්‍රපාතයකට පෙර#මෙන් රියදුරු රෝහලට.."එකෙක් උදව් කරන්නේ නෑනේ"
02:13
Video thumbnail
සංවිධානත්මක අපරාධකරුවන් සඳහා නව නීතියක් එළියට..නීතිය මදියි ඒකයි මෙයාලා මෙච්චර දඟලන්නේ
03:08


?