ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි මෙරට ඉදිකිරීමට යෝජිත පුනර්ජනනීය සුළං බලාගාර සහ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියෙන් ඉවත් ව තිබෙනවා.
අදානි ග්‍රීන් එනර්ජි සමාගම අදාළ දැනුම්දීම මෙරට ආයෝජන මණ්ඩලයට (BOI) දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
වසර 20ක කාලයක් සඳහා ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් විදුලිය මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණේ 2022 මැයි මස 07 වැනි දිනයි.
මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන අදානි සමාගමට අයත් සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිල දී ගැනීම සඳහා මෙම අනුමැතිය එදින පාලනයෙන් අනුමත කළා.
මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිල දී ගැනීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය එලෙස අනුමැතිය දුන් අතර එම කාල වකවානුවේ දී විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම කැබිනට් යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම ගිවිසුම අවබෝධතා ගිවිසුමක් ලෙස සැලකුණු අතර මෙම ව්‍යාපෘතියෙනුයි කෝටිපති ව්‍යාපාරික සමාගම මෙලෙස ඉවත් වන බව ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය වෙත දැනුම්දී ඇත්තේ.
අමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ තක්සේරු වටිනාකමකින් යුත් මෙම නව ව්‍යාපෘතිය හරහා 2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී තිබුණා.
![ගෞතම් අදානි මෙරට ඉදි කිරීමට යෝජිත වූ සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි 1 1 1 723x1024 1](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/1-1-723x1024-1.webp)
![ගෞතම් අදානි මෙරට ඉදි කිරීමට යෝජිත වූ සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි 2 2 1 723x1024 1](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/2-1-723x1024-1.webp)
![ගෞතම් අදානි මෙරට ඉදි කිරීමට යෝජිත වූ සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි 3 417398d0 0d34 11ef 82e8 cd354766a224.jpg](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/417398d0-0d34-11ef-82e8-cd354766a224.jpg.webp)