අදත් පැයක කාලයක් විදුලිය කැපේ

අද (13) දිනයේදිත් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අද පස්වරු 05 සිට රාත්‍රී 9.30 අතර කාලය තුළ පැයක පමණ කාලයක් විදුලි කප්පාදුව සිදු වනු ඇති.

පසුගියදා දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුණා.

එහිදී අනාවරණය වූයේ විදුලි පද්ධතියේ සැපයුමේ අසමතුලිතතාවක් මත එය සිදු ව ඇති බවයි.

මේ හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ද ජනන යන්ත්‍ර තුන ම අක්‍රීය වුණා.

මේ වන විට ද විදුලි ඉංජිනේරුවරුන් එක් ව එම නඩත්තු කටයුතු සිදු කෙරෙමින් පවතින අතර හෙට (14) දිනයේ දී විදුලි සැපයුමට නොරොච්චෝලේ බලාගාරය ද එක් කළ හැකි බවටත් ලංකා විදුලිබල මණ්ඩල ප්‍රකාශ කළා.

ඊයේ දිනයේ දී පොහොය යෙදුණු බැවින් අඩු විදුලි සැපයුමක් යටතේ විදුලිය ලබාදීමටත්, දිනය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටත් කටයුතු කෙරුණා.

විදුලි සැපයුම විසන්ධි වන ආකාරය දැනුම්දී ඇති සම්පූර්ණ නිවේදනය මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?