අදත් පැයක කාලයක් විදුලිය කැපේ

අද (13) දිනයේදිත් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අද පස්වරු 05 සිට රාත්‍රී 9.30 අතර කාලය තුළ පැයක පමණ කාලයක් විදුලි කප්පාදුව සිදු වනු ඇති.

පසුගියදා දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුණා.

එහිදී අනාවරණය වූයේ විදුලි පද්ධතියේ සැපයුමේ අසමතුලිතතාවක් මත එය සිදු ව ඇති බවයි.

මේ හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ද ජනන යන්ත්‍ර තුන ම අක්‍රීය වුණා.

මේ වන විට ද විදුලි ඉංජිනේරුවරුන් එක් ව එම නඩත්තු කටයුතු සිදු කෙරෙමින් පවතින අතර හෙට (14) දිනයේ දී විදුලි සැපයුමට නොරොච්චෝලේ බලාගාරය ද එක් කළ හැකි බවටත් ලංකා විදුලිබල මණ්ඩල ප්‍රකාශ කළා.

ඊයේ දිනයේ දී පොහොය යෙදුණු බැවින් අඩු විදුලි සැපයුමක් යටතේ විදුලිය ලබාදීමටත්, දිනය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටත් කටයුතු කෙරුණා.

විදුලි සැපයුම විසන්ධි වන ආකාරය දැනුම්දී ඇති සම්පූර්ණ නිවේදනය මෙතැනින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31