ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ සිය සිව්වැනි ශතකය වාර්තා කරගැනීමට මීට ටික වේලාවකට (12) පෙර ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.
ඒ ප්‍රබල ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිවයි.
සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සමග තරග දෙකකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අද පෙරවරුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.
ඒ කාසියේ වාසිය චරිත් වෙත හිමිකර දෙමින්.
සිය පිතිකරුවන් සියල්ලම අසාර්ථක වෙද්දී කණ්ඩායමේ ලකුණු පුවරුවේ වගකීම කරට ගත් අසලංක වේගවත් එක්දින ශතකයක් වාර්තා කළේ පන්දු 112කදියි.
ඊට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 11ක් එල්ල වුණා.
මේ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 08ක් දැවී ලකුණු 187ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1