ලෝක රාජ්‍ය සමුළුවට එක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) එම සමුළුව ඇමතීමට නියමිත ව තිබෙනවා.
ජනාධිපතිවරයා රාජ්‍ය සමුළුව අමතමින් ”ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම” යන මැයෙන් සිය දේශනය පවත්වනු ඇති.
මෙම දේශනයෙන් තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කිරීම අපේක්ෂා කෙරෙනවා.
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට ඊයේ (11) දිනයේ දී දිවයිනෙන් පිටත් ව ගිය ජනාධිපතිවරයා එහිදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු හමුවුණා.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ්, බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ටෝනි බ්ලෙයාර් සහ ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා වන අල්මාර් ලැටූර් ඇතුළු පිරිසක් හමු ව සාකච්ඡා පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මීට අමතර ව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Pullman city center හි දී “එතෙර අපි සංවිධානය” විසින් ඊයේ රාත්‍රියේ දී සුහද හමුවක් ද සංවිධානය කර තිබුණා.
ඒ සඳහා ද ජනාධිපතිවරයා එක් වූ අතර එහිදී එරට රැකියා කටයුතු කරන ශ්‍රී ලාංකිකයින් සමග සාකච්ඡා කිරීමට හෙතෙම අමතක කළේ නැහැ.