ජනපති ලෝක රාජ්‍ය සමුළුව ඇමතීම අද – එතෙර අපි සංවිධානයෙනුත් ජනපතිට පිළිගැනීමක්

ලෝක රාජ්‍ය සමුළුවට එක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) එම සමුළුව ඇමතීමට නියමිත ව තිබෙනවා.

ජනාධිපතිවරයා රාජ්‍ය සමුළුව අමතමින් ”ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම” යන මැයෙන් සිය දේශනය පවත්වනු ඇති.

මෙම දේශනයෙන් තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කිරීම අපේක්ෂා කෙරෙනවා.

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට ඊයේ (11) දිනයේ දී දිවයිනෙන් පිටත් ව ගිය ජනාධිපතිවරයා එහිදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු හමුවුණා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ්, බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ටෝනි බ්ලෙයාර් සහ ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා වන අල්මාර් ලැටූර් ඇතුළු පිරිසක් හමු ව සාකච්ඡා පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මීට අමතර ව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Pullman city center හි දී “එතෙර අපි සංවිධානය” විසින් ඊයේ රාත්‍රියේ දී සුහද හමුවක් ද සංවිධානය කර තිබුණා.

ඒ සඳහා ද ජනාධිපතිවරයා එක් වූ අතර එහිදී එරට රැකියා කටයුතු කරන ශ්‍රී ලාංකිකයින් සමග සාකච්ඡා කිරීමට හෙතෙම අමතක කළේ නැහැ.

WhatsApp Image 2025 02 12 at 10.44.13
WhatsApp Image 2025 02 12 at 10.44.12
WhatsApp Image 2025 02 12 at 10.44.11 1
WhatsApp Image 2025 02 12 at 10.44.11
WhatsApp Image 2025 02 12 at 10.44.10 1
WhatsApp Image 2025 02 12 at 10.44.10
WhatsApp Image 2025 02 12 at 10.44.09


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32