කොළඹ – හුණුපිටිය ගංගාරාමයේ 46 වැනි වරටත් පවත්වන්නට යෙදුණු නවම් මහා පෙරහැර ඊයේ (11) රාත්‍රී 7.30ට අතිඋත්කර්ෂවත් ව ආරම්භ කෙරුණා.
එය ප්‍රධාන වීදි ඔස්සේ සංචාරය කෙරුණු අතර එම කාලසීමාව තුළ මාර්ගයේ ගමන් කරන රථවාහනවලට කිසිදු බාධාවක් නොවන අයුරින් පොලිස් රථ වාහන ඒකකය විසින් විශේෂ රථ වාහන සැලැස්මක් ද සකස් කරනු ලැබුවා.
කැලණිය කණ්ඩුල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසුව පෙරහැර වීදි සංචාරය කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
සධාතුක කරඬුව තැන්පත් කිරීම වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදු කරනු ලැබූ අතර ඊට සුවඳ පැන් වත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.
ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරිඳේ අස්සජි නාහිමිපාණන් වහන්සේගේගේ අනුශාසනා පරිදි මෙවර පෙරහැර මංගල්‍යය සිදු කෙරෙනවා.
උඩරට, පහතරට සහ සබරගමුව මුල් කරගෙන සාම්ප්‍රදායික සහ විචිත්‍රවට් නර්තනාංගයන්ගෙන් ද පෙරහැර වර්ණවත් වුණා.
පෙරහැර නැරඹීමට දෙස් – විදෙස් බොහෝ පිරිසක් රැස්ව සිටියා.
අද (12) රාත්‍රියේ ද පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව ඇති අතර එය අදින් අවසන් වනවා.