ගංගාරාමයේ නවම් මහා පෙරහැර අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි (වීඩියෝ)

කොළඹ – හුණුපිටිය ගංගාරාමයේ 46 වැනි වරටත් පවත්වන්නට යෙදුණු නවම් මහා පෙරහැර ඊයේ (11) රාත්‍රී 7.30ට අතිඋත්කර්ෂවත් ව ආරම්භ කෙරුණා.

එය ප්‍රධාන වීදි ඔස්සේ සංචාරය කෙරුණු අතර එම කාලසීමාව තුළ මාර්ගයේ ගමන් කරන රථවාහනවලට කිසිදු බාධාවක් නොවන අයුරින් පොලිස් රථ වාහන ඒකකය විසින් විශේෂ රථ වාහන සැලැස්මක් ද සකස් කරනු ලැබුවා.

කැලණිය කණ්ඩුල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසුව පෙරහැර වීදි සංචාරය කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සධාතුක කරඬුව තැන්පත් කිරීම වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදු කරනු ලැබූ අතර ඊට සුවඳ පැන් වත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.

ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරිඳේ අස්සජි නාහිමිපාණන් වහන්සේගේගේ අනුශාසනා පරිදි මෙවර පෙරහැර මංගල්‍යය සිදු කෙරෙනවා.

උඩරට, පහතරට සහ සබරගමුව මුල් කරගෙන සාම්ප්‍රදායික සහ විචිත්‍රවට් නර්තනාංගයන්ගෙන් ද පෙරහැර වර්ණවත් වුණා.

පෙරහැර නැරඹීමට දෙස් – විදෙස් බොහෝ පිරිසක් රැස්ව සිටියා.

අද (12) රාත්‍රියේ ද පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව ඇති අතර එය අදින් අවසන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53