AFC Banner
AFC Banner
Empty Ad

වරෙන්තුකරු අධිකරණයට රැගෙන යමින් සිටියදි සිදු වූ අනතුරකින් පොලිස් සැරයන් මරුට (වීඩියෝ)

බුලත්සිංහල පොලිස් ස්ථානයට අයත් පොලිස් ත්‍රීරෝද රථයක් අනතුරට ලක් වීමෙන් එම රථය පැදවූ පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත් වුණා.

අද (11) දහවල් මෙම අනතුර සිදු වූයේ බුලත්සිංහල පොලිසියේ සිට මතුගම අධිකරණයට අධිකරණ කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයා ඇතුළු තිදෙනෙකු රැගත් ත්‍රීරෝද රථයක් කැකුළලන්ද ප්‍රදේශයේ දී මාර්ගය පසෙක සවිකර තිබූ කිලෝමීටර් කණුවක ගැටීමෙන් බවයි වාර්තාකරු පැවසුවේ.

මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පැවසුවේ අනතුරින් මියගොස් ඇත්තේ 56 හැවිරිදි රොෂාන් රෝහිත ගුණවර්ධන නමැත්තෙක් බවයි.

මෙම අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි වරෙන්තුකරු හා පොලිස් කොස්තාපල්වරයා අඟලවත්ත – පිඹුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?