AFC Banner
AFC Banner
Empty Ad

චීන හැඳුනුම්පත් ගන්න තම පුරවැසියන්ට සහාය වන සමාගම් පිළිබඳ තායිවානය විමර්ශනයක

චීනයේ සංචාරය කරන අතරතුර චීන හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමට තායිවාන පුරවැසියන්ට සහාය වන සමාගම් පහක් අනාවරණය කරගෙන ඇතැයි තායිවානයේ ජාතික සංක්‍රමණ ඒජන්සිය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යූ ටියුබ්කරුවෙකු වන “පා චියුන්ග්” විසින් තායිවානයේ ඇතැම් සමාගම් චීන ලේඛන සඳහා අයදුම් කිරීමට උපකාර කරන බව හෙළි කිරීමෙන් පසුව මෙම ප්‍රශ්නය අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ දී තායිවාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා තහවුරු කළේ, තායිවානයේ සහ චීනයේ ජනතාව අතර සබඳතා පාලනය කිරීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දකුණු සහ උතුරු තායිවානයේ මහජන සම්බන්ධතා ආයතන තුනක් හෝ පහක් විමර්ශනයට ලක්ව ඇති බවයි.

තායිවාන ජාතිකයින්ට චීන හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමට සහාය වීම සම්බන්ධයෙන් එම ආයතනවලට චෝදනා එල්ල වී තිබෙන බව ද අදාළ මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් වාර්තා වැඩිදුරටත් පවසන්නේ, මෙම සමාගම් දෙකක් තායිවානයේ ක්‍රියාත්මක වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?