සිචුවාන් නායයෑමෙන් අතුරුදන් වූවන් සෙවීම දිගටම

සිචුවාන් පළාතේ කඳුකර ගම්මානයක් නායයෑමෙන් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් පැය 24 පුරාම ක්‍රියාත්මක බව ෂිංහුවා ප්‍රවෘත්ති සේවය පවසනවා.

සෙනසුරාදා පෙරවරු 11.50 ට පමණ නිවාස 10 ක් මෙලෙස නායයෑමට ලක් වුණා.

එම නිවාස මුළුමනින් ම පස්වලින් වැසී ගොස් ඇතැයි සඳහන්.

නායයෑමෙන් එක් අයෙක් මියගොස් ඇති අතර අතුරුදන් වූ ගණන 28ක්.

සුන්බුන් අතර සිටි දෙදෙනෙක් නිරුපද්‍රිතව මුදා ගැනීමට සහන සේවකයන්ට හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?