2024 වසරේ රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 4.14ක් – 2023ට සාපේක්ෂව 22.7%ක වර්ධනයක්

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 53(1) වගන්තිය අනුව, අවම වශයෙන් කාර්තුමය පදනමක් මත මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් රජයේ ආදායම් සහ වියදම් ඇතුළු මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රකාශයක් කාර්තුව අවසන් වී දින 45කට නොඅඩු කාලයක් තුළ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

පෙබරවාරි මස 09 වැනි දින පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී එම විධිවිධාන පරිදි 2024- 12- 31 දිනෙන් අවසන් වන 2024 හතරවන කාර්තුව සඳහා වන මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය 2025 – 02 – 14 දින හෝ ඊට පෙර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ 2024 වර්ෂය සඳහා වන වාර්ෂික අයවැය ඇස්තමේන්තුවල දක්වා ඇති වර්ගීකරණයන් මත පදනම්ව 2024 12 – 31 දිනෙන් අවසන් වන හතරවන කාර්තුව දක්වා සියලුම විශේෂ වියදම් ඒකක, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් වාර්තා කරන ලද සමුච්චිත ආදායම් සහ වියදම් ඇතුළත්ව සකස් කරනු ලැබ ඇති මූල්‍ය කාර්යසාධනය පිළිබඳ වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ බවත් වාර්තා වනවා.

එහි සඳහන් වන ආකාරයට 2024 වසරේ සමස්ත රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 4.14ක් වන අතර එය 2023 වර්ෂයට සාපේක්ෂව සියයට 22.7ක රාජ්‍ය ආදායමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18