AFC Banner
AFC Banner
Empty Ad

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට චෝදනා ලැබූ උප පොලිස් පරීක්ෂක යළි රිමාන්ඩ්

පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ ව විදෙස්ගත වී සැඟවී සිටි පොලිස් සේවයේ රාජකාරී කටයුතු කළ උප පොලිස් පරීක්ෂක මහේෂ් හේමන්ත සිල්වා පෙබරවාරි මස 25 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

අද (11) දිනයේ දී සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත් විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ.

පසුගිය වර්ෂයේ දී බෙලිඅත්ත නගරයේ දී වෙඩි තබා පුද්ගලයින් 05 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට මෙම උප පොලිස් පරීක්ෂකවරයා චෝදනා ලබා ඇති අතර ඔහුගේ සේවය ද තහනම් කර තිබෙනවා.

අද දින විභාගය වුණු නඩු කටයුත්ත සඳහා ඇප ලබා සිටින සෙසු සැකකරුවන් ද අධිකරණයට ඉදිරිපත් ව සිටි බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?