AFC Banner
AFC Banner
Empty Ad

හුණුපිටිය ගංගාරාම විහාරයේ නවම් මහ පෙරහැර හේතුවෙන් පොලිසියෙන් විශේෂ නිවේදනයක්

හෙට (11) සහ අනිද්දා (12) දෙදින රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා වීදි සංචාරය කිරීමට නියමිත කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර සම්බන්ධයෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙම පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී ජිනරතන මාවත ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව පාරට හැරී රාමනායක මාවත හන්දියට පැමිණ රාමනායක මාවත ඔස්සේ ජේම්ස් පීරිස් මාවත හන්දිය දක්වා ගමන් කර ජේම්ස් පීරිස් මාවත ඔස්සේ අල්ට්‍රෙයාර් ඇරවනිව් හන්දියෙන් දකුණට හැරී අල්ට්‍රෙයාර් ඇවනිව් ඔස්සේ ස්ටෙපල් වීදිය හන්දිය දක්වා ගමන් කර දකුණට හැරී ස්ටෙපල් වීදිය, බේබෘක් පෙදෙස, බේබෘක් වට රවුම, ජිනරතන මාවත ඔස්සේ ගංගාරාම විහාරස්ථානය පැමිණීමට නියමිත බවයි.

එබැවින් රාමනායක මාවත – හුණුපිටිය වැව පාර හන්දිය, ධර්මපාල මාවත – පාර්ක් වීදිය හන්දිය හා යුනියන් පෙදෙසෙහි කොල්වින් ආර්. ද සිල්වා මාවත, හයිඩ් පාර්ක් – කෝනර් හන්දිය වසා තැබෙනු ඇති.

ඉහත මාවත් පෙරහැර පෙළගැසෙන අවස්ථාවේ දී වසා තැබෙන අතර පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාවේ දී පහත නිවේදනයේ දැක්වෙන ප්‍රදේශ ද තාවකාලිකව වසා තැබීමට පියවර ගන්නා බව ද නිවේදනයේ සඳහන්.

එබැවින් පෙරහැර පවත්වා අවසන් වන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට රථවාහන සඳහා ගමන් කිරීමට අවස්ථාව ලබාදෙනු ඇති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලයෙන් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සන්ධානේ නායකයා වෙන්න ඕනි සජිත් ප්‍රේමදාස - හිරුණිකා ඇඬූ කඳුලින් කිව්ව කතාව
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#න නඩුවේ නිතිපතිගේ ක්‍රියාකලාපය ගැනකිරිඇල්ලගෙන් හෙළිදරව්ව
02:28
Video thumbnail
වඳුරෙක් නිසා මාලිමාවට වෙච්ච දෙයක් - හඳුන්නෙත්තිගේ හඬපටයකුත් එළියට
09:34
Video thumbnail
රටක් අඳුරු කරනකොට මිනිස්සුන්ට වෙන පාඩුවට - කවුද වන්දි ගෙවන්නේ ? #shortsvideo
00:34
Video thumbnail
රට අනුරට ගියාම - මුළු රටම අඳුරු වුණා #powercut #npp
16:40
Video thumbnail
අදත් ප්‍රදේශ රැසක විදුලිය කැපේ...
01:39
Video thumbnail
මොන වඳුරා බොරු කියනවද? මොන වඳුරා ඇත්ත කියනවද මන්දා...
16:35
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දේශපාලන ලොකේ කාබාසිනියා කාරයෙක්
00:17
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දේශපාලන ලොකේ අන්ත කාබාසිනියා කාරයෙක්.
08:41
Video thumbnail
ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනපති හරසරින් පිළිගැනේ
00:16

?