හුණුපිටිය ගංගාරාම විහාරයේ නවම් මහ පෙරහැර හේතුවෙන් පොලිසියෙන් විශේෂ නිවේදනයක්

හෙට (11) සහ අනිද්දා (12) දෙදින රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා වීදි සංචාරය කිරීමට නියමිත කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර සම්බන්ධයෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙම පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී ජිනරතන මාවත ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව පාරට හැරී රාමනායක මාවත හන්දියට පැමිණ රාමනායක මාවත ඔස්සේ ජේම්ස් පීරිස් මාවත හන්දිය දක්වා ගමන් කර ජේම්ස් පීරිස් මාවත ඔස්සේ අල්ට්‍රෙයාර් ඇරවනිව් හන්දියෙන් දකුණට හැරී අල්ට්‍රෙයාර් ඇවනිව් ඔස්සේ ස්ටෙපල් වීදිය හන්දිය දක්වා ගමන් කර දකුණට හැරී ස්ටෙපල් වීදිය, බේබෘක් පෙදෙස, බේබෘක් වට රවුම, ජිනරතන මාවත ඔස්සේ ගංගාරාම විහාරස්ථානය පැමිණීමට නියමිත බවයි.

එබැවින් රාමනායක මාවත – හුණුපිටිය වැව පාර හන්දිය, ධර්මපාල මාවත – පාර්ක් වීදිය හන්දිය හා යුනියන් පෙදෙසෙහි කොල්වින් ආර්. ද සිල්වා මාවත, හයිඩ් පාර්ක් – කෝනර් හන්දිය වසා තැබෙනු ඇති.

ඉහත මාවත් පෙරහැර පෙළගැසෙන අවස්ථාවේ දී වසා තැබෙන අතර පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාවේ දී පහත නිවේදනයේ දැක්වෙන ප්‍රදේශ ද තාවකාලිකව වසා තැබීමට පියවර ගන්නා බව ද නිවේදනයේ සඳහන්.

එබැවින් පෙරහැර පවත්වා අවසන් වන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට රථවාහන සඳහා ගමන් කිරීමට අවස්ථාව ලබාදෙනු ඇති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලයෙන් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙතැනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56