රජයේ අරක්කුවලට සමාන අරක්කු නිෂ්පාදනය කළ සැකකරුවෙකු බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත බණ්ඩාරවෙල පොලිස් වසමේ වරකාරොදවත්ත ප්‍රදේශයේ දී ඊයේ (09) සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම වැටලීමේ දී රජයේ අරක්කුවලට සමාන අරක්කු ලීටර් 68ක්, එම අරක්කු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලද ස්ප්‍රීතු ලීටර් 350ක් සහ බලපත්‍ර නොමැතිව තබාගෙන සිටි රජයේ අරක්කු ලීටර් 17 මිලි ලීටර් 250ක් ද මෙහිදී සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54ක වැලිමඩ පාර බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
![ගෙදර ඉඳන් සංස්ථා අරක්කු හැදූ අයෙක් බණ්ඩාරවෙල දී අත්අඩංගුවට (ඡායාරූප) 1 WhatsApp Image 2025 02 10 at 6.16.40 AM](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-10-at-6.16.40-AM.webp)
![ගෙදර ඉඳන් සංස්ථා අරක්කු හැදූ අයෙක් බණ්ඩාරවෙල දී අත්අඩංගුවට (ඡායාරූප) 2 WhatsApp Image 2025 02 10 at 6.16.41 AM](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-10-at-6.16.41-AM.webp)