නානුඔය සිට බදුලු යන අලුත් ඇල්ල ඕඩිසි මංගල ගමන අරඹයි (වීඩියෝ)

නානුඔය සිට බදුල්ල දක්වා අද (10) දිනයේ අලුතින් ඇල්ල ඕඩිසි දුම්රියක් ධාවනයට එක් කළා.

එම දුම්රිය මංගල ගමන්වාරය අද (10) උදෑසන 8.15ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට ගමන් ඇරඹුවේ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.

මෙම දුම්රිය අඟහරුවාදා දිනය හැර සතියේ සෑම දිනකම එස් 14 මැදිරි කට්ටලයක් සමඟ ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද (10) දිනයේ අලුතින් ධාවනයට එක්කළ මෙම දුම්රිය යළිත් පස්වරු 1.00ට බදුල්ලේ සිට නානුඔය දක්වා ගමන් ඇරඹීමට නියමිතයි.

මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන් කළ ආසනයක් රුපියල් 7000ක්, දෙවන පන්තියේ ආසනයක් රුපියල් 6000ක් සහ තුන්වන පන්තියේ ආසනක් රුපියල් 5000ක් ලෙස මිල නියම කර තිබෙනවා.

දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මෙම දුම්රිය සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර, මංගල ගමන ඇරඹු අද දිනයේ විශාල විදෙස් සංචාරකයින් පිරිසක් මෙම ගමන සඳහා එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම දුම්රිය ධාවනය කරන මාර්ගයේ පිහිටා ඇති දිය ඇලි ආශ්‍රිතව දුම්රිය මන්දගාමීව ධාවනය කිරීමටත්, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ විනාඩි 06ක් සහ ආරුක්කු නවය පාලමේ විනාඩි 10ක කාලයක් දුම්රිය නතර කිරීමටත් දුම්රිය පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14